පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් භාරයට පත්කර සිටි හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සොහොයුරා වන රියාජ් බදියුදීන් මහතා දැඩි කොන්දේසි සහිතව රැඳවුම් භාරයෙන් මුදාහරින ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගකර තිබෙනවා.
තමන්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීම නීති විරෝධී යැයි ප්‍රකාශ කරන ලෙස ඉල්ලා රියාජ් බදියුදීන් මහතා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම නියෝගය ලබාදී ඇත්තේ.
විජිත් මළල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු සහ ගාමිණි අමරසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය ලබාදුන්නා.
ඒ අනුව පෙත්සම්කරු රැඳවුම් භාරයෙන් මුදාහැරීමට නියෝග කළ අධිකරණය ඔහුට කොළඹ නගර සීමාවෙන් පිටතට යාම තහනම් කරමින් නියෝගයක් ද නිකුත් කළා.
එමෙන්ම සෑම මසකම පළමුවන සහ තුන්වන ඉරිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වාර්තා කළ යුතු බවත් විදේශ ගත වන්නේ නම් අධිකරණයෙන් අවසර ලබා ගත යුතු බවත් ශ්‍රේෂ්ඨාධිකරණරණ නියෝගයේ සඳහන්.
පෙත්සම්කාර පාර්ශවය හා වගඋත්තරකාර පාර්ශ්ව ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අධිකරණය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 11 (1) වගන්තිය යටතේ මෙම නියෝගය ප්‍රකාශයට පත්කරන බව ද පැවසූවා.
පෙත්සම ලබන වසරේ මැයි මස 10 වනදා යළි කැඳවීමට නියමිතයි.