DIGITAL EDITION | TELEVION

Wednesday, March 22, 2023

DIGITAL EDITION | TELEVION

Wednesday, March 22, 2023

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් ඉදිරිපත් කළ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි

[post-views]

නිරෝධායන නීතිය උපයෝගී කරගනිමින් නීති විරෝධී ලෙස තමන් අත් අඩංගුවට ගෙන නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත රැගෙන ගොස් බලහත්කාරී ලෙස රඳවා ගැනීම ගැනීම තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කළේ යැයි චෝදනා කරමින් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශෆ් ස්ටාලින් මහතා ඇතුළු පිරිසක් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා.

ප්‍රියන්ත ජයවර්ධන, ශිරාන් ගුණරත්න සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය කරනු ලැබුවා.

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ කොතලාවල විශ්වවිද්‍යාල පනතට එරෙහිව සාමකාමි ලෙස උද්ඝෝෂණයක නිරත වී සිටියදී නිරෝධායන නීතිය උල්ලංඝනය කළේ යැයි චෝදනා කරමින් පොලිසිය විසින් තමන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා විසින් තමන්ව ඇප මත මුදා හළ බව ජෝශප් ස්ටාලින් මහතා ඇතුළු පෙත්සම්කරුවන් අධිකරණය හමුවේ කියා සිටියා.

ඉන් අනතුරුව පොලිසිය විසින් බලහත්කාරී ලෙස තමන්ව නිරෝධායන මධ්‍යස්ථානයට රැගෙන ගොස් රඳවා තැබූ බවත් මේ තුළින් සිය මූලික අයිතීන් උල්ලංඝනය වූ බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලමින් ජෝසප් ස්ටාලින් මහතා ඇතුළු පිරිස මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

ත්‍රිවිධ 24 අධිකරණ වාර්තාකරු – උදය කුමාර

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest