ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් සමාගම් සභාපතිවරුන් දෙදෙනා අද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් සභාව හමුවට කැඳවා තිබෙනවා.
ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය හා වෙබ් අඩවි සංස්කාරක වරයෙකු විසින් ගෑස් සිලින්ඩරවල ගුණාත්මකභාවය සම්බන්දයෙන් කළ පැමිණිලි දෙකක සාක්ෂි විභාග කිරීම සදහායි ඔවුන්ට මෙම කැඳවීම කර තිබෙන්නේ.
ගෑස් සමාගම් සභාපතිවරු දෙදෙනාට අමතරව ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයාට ද අදාළ පැමිණිල්ලට අනුව මානව හිමිකම් කොමිසම කැඳවීමක් කර තිබු අතර ඔහු වෙනුවෙන් එම සංස්ථාවේ නිලධාරීන් පිරිසක් පැමිණියා.
– චින්තක-