DIGITAL EDITION | TELEVION

Wednesday, March 22, 2023

DIGITAL EDITION | TELEVION

Wednesday, March 22, 2023

වගා පාළු උණාම ගොවියට කොහොමද වන්දි ගෙවන්නේ – නාමල් කරුණාරත්න

[post-views]

අයවැයෙන් මුදල් වෙන් නොකර වගා පාළු වූ ගොවියන්ට වන්දි ගෙවීම් සිදුකරන්නේ කෙසේද යන්න පිලිබඳ ප්‍රශ්නයක් මතුවන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ කැඳවුම්කරු නාමල් කරුණාරත්න මහතා පවසනවා.

ඔහු මේ බව පැවසුවේ ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කරන ගමින් ගමට ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනට එක්වෙමින්.

එම වැඩසටහනේ තවත් අදියරක් අද (13) උදෑසන රිදීගම ප්‍රදේශයේ දී පැවැත්වුණා.

එහිදී අදහස් දැක්වූ නාමල් කරැණාරත්න මහතා.

”ආණ්ඩුව කියනවා ගොවියාට වගා උණාම අස්වැන්න අඩු උණාම වන්දි ගෙවනවා ලු .
ඒකට මේ අයවැයෙන් සල්ලි වෙන් කෙරුවාද.ශත පහක් වෙන් කරල නැහැ. එහෙමනම් කොහොමද වන්දි ගෙවන්නේ ජනතාව බඩු මිල දරාගන්න බැහැ අද. ජනතාවගේ බලාපොරොත්තු සියල්ල සුන්නත් දූවිලි වෙලා ගිහිල්ලා. බරපතල අයවැය හිඟයක් තියෙනවා. අය වැය පරතරය පියවන්න රුපියල් මිලියන ලක්ෂ 3කට වඩා ණය ගන්න වෙනවා.අයවැයෙන් ජනතාවට විශාල බදු ගහලා මේක ෂේප් කරගන්න ආණ්ඩුව යෝජනා කරනවා මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප කාල සීමාව අවුරුදු 10 කරනවලු. අනේ විහිළු.මේ වනවිටත් ඔය පාර්ලිමේන්තුවේ ඉන්න මැති ඇමතිවරුන්ගේ අති බහුතරයකට විශ්‍රාම වැටුප හැදිලා තියෙන්නේ.එයාලට අවුරුදු 50 කිව්වත් ප්‍රශ්නයක් නැහැ .එයාලා තවත් මහා කැපකිරීමක් කරනවා මැති ඇමතිවරුන්ගේ ඉන්ධන දීමනාව ලීටර 5ක් අඩු කරලා නොදකින් මම කියන්නේ අයවැය ලේඛනයට දාන්න පුළුවන් එකක් ද මේක ලීටර් පහක් අඩු කරනවා කියල. ඕන් අපි කැප කෙරුවා කියලා කියන්න. ආණ්ඩුව කියනවා ගොවියාට වගා පාළු උණාම අස්වැන්න අඩු උණාම වන්දි ගෙවනවා ලු . ඒකට මේ අයවැයෙන් සල්ලි වෙන් කෙරුවාද. ශත පහක් වෙන් කරල නැහැ. එහෙමනම් කොහොමද වන්දි වන්නේ . ඊළඟට තවත් විහිළුවක් සපයනවා දැන් වල් මර්දනය කරන්න හෙක්ටයාරයකට රුපියල් පන්දහක් දෙනවලු . අක්කරයකට රුපියල් දාහයි . රුපියල් 1000 න් කොහොමද වල් මර්දනය කරන්නේ. එක මනුස්සයෙකුගේ දවසක වැටුපත් රුපියල් 1500යි මෙහෙම විහිළු සපයන්න එපා .මහබැංකුවේ පාඩුවේ මුදල් භාණ්ඩාගාරය අය කරගන්න යනවා ඒක හොඳයි. ඔන්න ඕකට ඇතුළත් කරගන්න සීනි බදු වංචාව පොල්තෙල් වංචාවේ ගහපු සල්ලි ත් රාජ්‍ය භාණ්ඩාගාරයට ගන්න. නිරූපමා රාජපක්ෂ ළඟ තියෙන සල්ලිත් ගන්න යෝජනා කරන්න. මල්වානේ ගෙයක් තියෙනවා, හොරකම් කරපුවා තියෙනවා අන්න ඒවත් රාජ්‍ය භාණ්ඩාගාරයට ගන්න. පොහොර වලින් කාබනික පොහොර වලිනුත් හොරකම් කළා අන්න ඒ සල්ලිත් රාජ්‍ය භාණ්ඩාගාරයට ගන්න .එහෙම කළා නම් ජනතාවට මීට වඩා සහනයක් දෙන්න පුළුවන් වෙයි.”

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest