වතු කම්කරුවන්ගේ දිනක වැටුප රුපියල් 2500 ක් විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා පවසනවා.
ඒ මහතා මෙම අදහස් පළකළේ අද(01) විපක්ෂ නායක කාර්යාලයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.
”භාණ්ඩ මිල වැඩිවීම දිනෙන් දින සිදු වෙනවා. මෙම වැඩිවීමත් සමඟ වතුකර ජනතාව ජීවත් වන්නේ අමාරුවෙන්.පිටි මිල ඉතිහාසයේ වැඩිම වැඩිවීම වාර්තා කළා. රොටී කන ජනතාවට මෙම මිල දරාගන්න බෑ. එම නිසා වැටුප රුපියල් 2500 ක් විය යුතුයි. රුපියල් දාහක වැටුප ඉල්ලුවේ අපි 2010 වර්ෂයේ.දැන් ඒ දුන්න රුපියල් දාහේ වැටුප ප්‍රමාණවත් නෑ.”