DIGITAL EDITION | TELEVION

Wednesday, March 22, 2023

DIGITAL EDITION | TELEVION

Wednesday, March 22, 2023

වැලිකඩ සිරකරුවන් ඝාතන නඩුවේ තීන්දුව ජනවාරි 06

[post-views]

2012 වසරේ වැලිකඩ බන්ධනාගාරයේ ඇති වූ ගැටුම් මැඩ පැවැත්වීමට යාමේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව සහ හිටපු බන්ධනාගාර අධිකාරී වරයෙකු වන එමිල් රංජන් ළමාහේවා යන මහත්වරුන්ට එරෙහිව ගොනුකර තිබූ නඩුවේ තීන්දුව ජනවාරි මස 6 වන දා ප්‍රකාශයට පත් කරන බව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නිවේදනය කළා.

මෙම නඩුව වසර තුනකට අධික කාලයක් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගැනුණා.

එම නඩුවට අදාළව විත්තිය සහ පැමිණිල්ල විසින් ඉදිරිපත් කළ දේශන අවසන් කිරීමෙන් පසුව අධිකරණය මෙම තීරණය ප්‍රකාශයට පත් කළා.

නඩු විභාගයේ දී ඉදිරිපත් වූ සාක්ෂි වල පවතින සංකීර්ණ භාවය හේතුවෙන් ඒ පිළිබඳව පුළුල් ලෙස අධ්‍යයනය කර තීන්දුව ප්‍රකාශ කිරීමට කාලය අවශ්‍ය බවයි විනිසුරු මඩුල්ල සඳහන් කළේ.

2012 වසරේ නොවැම්බර් මස 9 දා වැලිකඩ බන්ධනාගාරය තුළ රඳවා සිටි රැඳවියන් සන්තකයේ තිබූ නීති විරෝධී හා තහනම් භාණ්ඩ අත්අඩංගුවට ගැනීමේ අරමුණින් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් එම බන්ධනාගාරය තුළට ඇතුළු වී මෙහෙයුමක් ආරම්භ කළා.

එහිදී ඇතිවූ ගැටුම් වලින් සිරකරුවන් අට දෙනෙකු ඝාතනය කළැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබෙනවා.

-අධිකරණ වාර්තාකරු උදය කුමාර-

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest