ශ්‍රි පාදස්ථාන වන්දනා වාරය අරඹමින් ගල්පොත්තාවල ශ්‍රි පාද විහාරස්ථානයේ සිට සුමන සමන් දේව ප්‍රතිමාව, දේවාභරණ සහ සධාතුක කරඩුව ඇතුළු පුජා භාණ්ඩ වැඩම කරවීමේ රථ පෙරහැර අද(17) උදැසන 5 ට ආරම්භ වුණා.
එම පෙරහැර බදුල්ල – රත්නපුර මාර්ගයේ පැල්මඩුල්ලේ සිට රත්නපුර නව නගරය දක්වා ගමන් කර නැවත එම මාර්ගයේම රත්නපුර මහ සමන් දේවාලය දක්වා ගමන් කිරිමට නියමිතයි.
එසේම පෙරහැර පැවැත්වෙන කාලය තුළදී රත්නපුර-කොළඹ ප්‍රධාන මාර්ගයේ සහ රත්නපුර සිට පානදුර මාර්ගයේ මහ සමන් දේවාලය දක්වා වූ මාර්ගය අත්‍යවශ්‍ය කටයුතු සඳහා පමණක් භාවිත කරන ලෙසට පොලිසිය රියදුරන් හට දන්වා තිබෙනවා.