උප්පැන්න සහතික නිකුත් කරන විට ශ්‍රී ලංකා අනන්‍යතා අංකය ද උප්පැන්න සහතිකයට ඇතුළත් කිරීමට ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ආරක්ෂක අමාත්‍ය බලතල යටතේ ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍යවරු විසින් අනුමත කර තිබෙනවා.
එම යෝජනාවට අනුව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ තොරතුරු පද්ධතිය හරහා මාර්ගගත ක්‍රමයට ශ්‍රී ලංකා අනන්‍යතා අංකය රෙජිස්ටාර් ජෙනරාල් දෙපාර්තමේන්තුවට ලබා දීමට නියමිතයි.
ඒ අනුව රෙජිස්ටර් ජෙනරාල් දෙපාර්තමේන්තුව විසින් ඉදිරියේදී නිකුත් කරන උප්පැන්න සහතික එම අනන්‍යතා අංකය ද ඇතුළත් කරමින් නිකුත් කිරීමට නියමිතයි.