DIGITAL EDITION | TELEVION

Wednesday, March 22, 2023

DIGITAL EDITION | TELEVION

Wednesday, March 22, 2023

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට ලකුණු 34ක ජයක්

[post-views]

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ නෙදර්ලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවති තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 34ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද(23) සමත්වුණා.

තරගය පැවැත්වුණේ සිම්බාබ්වේ රාජ්‍යයේදීයි.

2022 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියක් ලෙසයි මෙම තරගාවලිය පැවැත්වෙන්නේ.

අද තරගයේ කාසියේ වාසිය දිනු නෙදර්ලන්ත කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් නියමිත පන්දුවාර 50 තුලදී කඩුලු 9ක් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 278ක්.

ලකුණු රැස්කිරීමේදී චමරි අතපත්තු ලකුණු 111යී.

මෙය ඇයගේ පස්වන එක්දින ශතකයයි.

පන්දුයැවීමේදී කැරලින් ඩී ලේන්ජ් කඩුලු 4ක් දවා ගත්තා.

කෙසේ නමුත් වර්ෂාවෙන් තරගයට බාධා එල්ල වීම නිසා ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ජයග්‍රහණය සදහා නෙදර්ලන්ත ක්‍රීඩිකාවන්ට පන්දුවාර 43කුත් පන්දු 4ක් තුලදී ලකුණු 231ක ඉලක්කයක් හිමිවුණා

නමුත් එම ඉලක්කය හඹායාමට පිටියට පිවිසි නෙදර්ලන්ත ක්‍රීඩිකාවන්ට පන්දුවාර 43කුත් පන්දු 4ක් තුලදී ලබාගැනීමට හැකිවුයේ කඩුලු 6ක් දැවී ලකුණු 196ක් පමණයි.

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සහභාගීවන මීළඟ තරගය ලබන 27 වැනිදා බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩිකාවන් සමඟ පැවැත්වීමට නියමිතයි.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest