මෙරට සංචාරයක නිරත බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම අතර සිව්දින පුහුණු තරගය හෙට කොළඹ SSC ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතයි.
එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම මෙහෙය වීමේ වගකීම චරිත් අසලංකට හිමිව තිබෙනවා.
චරිත් අසලංක මීට පෙර 2016 වසරේදී ශ්‍රී ලංකා 19 න් පහළ ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා පිළේ නායකත්වය දරනු ලැබුවා.
දෙරට අතර පළමු ටෙස්ට් තරගය ලබන 21වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.