කොළඹ ප්‍රදේශ කිහිපයකට සතිඅන්තයේදී ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසනවා.
ඒ අනුව, සෙනසුරාදා(18) උදෑසන 11.00 සිට ඉරිදා(19) උදෑසන 8.00 දක්වා කොළඹ 09, 11, 12, 13 සහ 14 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවීමට නියමිතයි.
නඩත්තු කටයුත්තක් හේතුවෙන් ජල සැපයුමට මෙලෙස බාධා සිදුකෙරෙන බවයි ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පැවසුවේ.