අද (12) සිට සහල් වර්ග කිහිපයක් රුපියල් 100ට වඩා අඩුවෙන් සතොස මගින් පරිභෝගිකයන්ට ලබාගත් හැකි බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.
මෙය උත්සව සමය වෙනුවෙන් ලබාදුන් මෙම සහනය දෙසැම්බර් 31 දක්වා ක්‍රියාත්මක බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේ.
“බඩු මිල දරාගන්න අමාරුයි ඒ නිසා නාඩු කිලෝවක් රුපියල් අනූ නමයයි සත 50 කටත් භාණ්ඩ වර්ග 50ක් වෙළඳපොලේ පවතින මිලට වඩා අඩුවෙන් දෙසැම්බර් 31වැනිදා දක්වා සතොසෙන් ලබා දෙන්න කියලා වැඩපිළිවෙළක් සකස් කළා අපි දන්නවා හැමෝටම අමාරුයි. අපිට පුළුවන් උපරිම දේ තමයි මේ කරලා තියෙන්නේ.මේ තත්ත්වයෙන් ගොඩ එන්න නම් හැමදෙනාම නිෂ්පාදනයට දායක වෙලා වැඩ කරන්න ඕන”