DIGITAL EDITION | TELEVION

Wednesday, March 22, 2023

DIGITAL EDITION | TELEVION

Wednesday, March 22, 2023

සප්ත කන්‍යා ගුවන් අනතුරට වසර 47 ක් (Photos)

[post-views]

මෙරට සිදුවූ විශාලතම ගුවන් අනතුර වන සප්ත කන්‍යා ගුවන් අනතුර සිදුවී අදට අවරුදු 47 ක් සපිරෙනවා.

ඉන්දුනීසියාවේ සිට මක්කම බලා බැතිමතුන් රැගෙන පියාසර කරමින් තිබු ගුවන් යානය සප්ත කන්‍යා කදුවැටියේ වැදී සිදුවූ අනතුරෙන් මියගිය ගණන 191ක්.

‘මාටින්එයාර්’ සේවයට අයත් මැක්ඩොනල් ඩග්ලස් DC-8 වර්ගයේ ගුවන් යානය 1974 දෙසැම්බර් 04 දින රාත්‍රී 10 ට පමණ ලක්ෂපාන දිය ඇල්ලට නුදුරු සප්ත කන්‍යා කඳු වැටියේ ගැටුණේ විශාල හඬක් නගමින්.

ඒ මොහොතේ මගීන් 182 දෙදෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 9 දෙනෙකු ගුවන් ගමනට එක්ව සිටි අතර ඉන් කිසිවෙකුටත් දිවි ගලවා ගැනීමට හැකිවුයේ නැහැ .

ඔවුන් සිහිකරමින් අද නොටන්බ්‍රිජ් විමලසුරේන්ද්‍ර ජලාශය අසල ඉදිකර ඇති ස්මාරකය අසල ගම්වාසී තරුණයින් පිරිසක් අද පහන් දල්වා පිං අනුමෝදන් කරනු ලැබුවා.මෙම ස්ථානයේ අනතුරට පත් යානයේ රෝදයක්ද දැකිය හැකියි.

එක කුස උපන් සහෝදරියන් ලෙස එක පෙළට පිහිටා ඇති කඳු හතක් නිසා සප්ත කන්‍යා ලෙස මේ කඳු වැටිය හඳුන්වයි. දවසේ වැඩි කාලයක් මීදුමෙන් වැසී තිබෙන මෙම කඳුවැටිය කඳු නගින්නන්ගේ පාරාදිසයක් .

හැටන් රංජිත් රාජපක්ෂ

 

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest