සමගි ජනබලවේගය විරෝධතාව සංවිධාන කළ අයට වැඩ වැරදියි
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයා විසින් පනවා තිබු සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩකරමින් සමගි ජනබලවේගය විසින් ඊයේ(16)කොළඹදී සංවිධානය කර තිබු විරෝධතාව නීති විරෝධී බව පොලිසිය පවසනවා.
ඒ අනුව එම විරෝධතාව සංවිධානය කළ පුද්ගලයින්ට එරෙහිව නිතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දුව මහතා ත්‍රිවිධ 24 කළ විමසීමකදී සදහන් කළේ.
විරෝධතාව සංවිධානය කල අයට එරෙහිව අද දිනයේදී අධිකරණයට කරුණු වාර්තා කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේ.