මෙරට ප්‍රථම සය නිවුන් දරු උපත සිදුවී දැනට මාසයක කාලයක් සම්පුර්ණ වනවා.
මෙතෙක් දවසක් රෝහලේ නේවාසිකව සිටි බිළිඳුන් අද (20) උදෑසන Ninewells රෝහලේ සිට නිවස බලා පිටත්ව ගොස් තිබෙනවා.
ඒ නිමිත්තෙන් රෝහල විසින් අද (20) දින උත්සවයක්ද සංවිධානය කර තිබීම විශේෂත්වයක්.
මෙම අවස්ථාවට දරු උපත සඳහා සහභාගී වූ විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය එක්ව සිටියා.
දරුවන්ගේ පියා එම උත්සවය අමතා කළ කතාව,
හරියටම මාසයකට පෙර දරු ප්‍රසූතිය සිද්ධ වුණා.සතුටින්ම සිටින දෙමාපියන් දෙපළක් විධියට අද මේ රෝහලෙන් නික්ම යන දවසේ ඇත්තෙන්ම අද දින දක්වා කිසිම අවස්ථාවකදී වගකීමක් දැනුණේ නෑ. මොකද ඒ වගකීම අරගෙන තිබ්බේ මේ කාර්ය මණ්ඩලය.ඒ වගේම මේ රෝහලේ සියළුම දෙනා.විශේෂයෙන්ම හෙද කාර්යමණ්ඩලය.ඇත්තටම අපිට කළින් අම්මා වුණේ ළමා ළදරු ඒකකයේ අම්මලා ටික. ඒක අපි ඇත්තටම නොපැකිළව කියනවා.එතනදී අපේ දරුවෝ මාසයක් පුරාවට අච්චි අම්මලා,අම්මලා විධියට බලාගත්තේ මෙම කාර්ය මණ්ඩලය.ඉතිං අපි දෙන්නා බොහෝම සතුටින් කියනවා මෙතනදී ඒ වෙනුවෙන් දියහැකි එකම ගරුත්වය මේ වචන ටික කියලා.විශේෂ වචනයක් කියන්න මම කැමතියි.මේ රෝහලේ හෙද නිලධාරිනියකගේ ඇදුමට මීට මාස කීපයකට පෙර තිබුණට වඩා හදවතින්ම එන ගරුත්වයක් දැනෙනවා.මොකද ඒ තරම්ම සහයෝගයක් අපිට දුන්නා.
මෙම සය නිවුන් දරු උපත සිදුවුනේ ඔක්තෝබර් 21 වැනිදායි.
කොළඹ අයි.ඩී.එච්. ප්‍රදේශයේ මවකට දාව උපන් දරුවන් යහපත් සෞඛ්‍ය තත්ත්වයේ පසුවුණා.
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ටිරාන් ඩයස් මහතාගේ මූලිකත්වයෙන් සිදුකෙරුණු සිසේරියන් සැත්කමකිනුයි මෙම දරුවන්ගේ උපත සිදුව තිබුණා.
දරුවන් හයදෙනා අතරට ගැහැණු දරුවන් තිදෙනෙකු ද අයත්ව සිටියා.