ඉන්දුනීසියාවේ නැගෙනහිර ජාවා දූපතේ උසම ගිනිකන්ද වන සෙමෙරු ගිනිකන්ද පුපුරා ගොස් තිබෙනවා.
ගිනිකන්ද පිපිරීම හේතුවෙන් පුද්ගලයින් 41ක් මේ වනවිට තුවාල ලබා ඇති අතර එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරනවා.
මේ වන විට එහි අවට ප්‍රදේශය සම්පූර්ණයෙන්ම අඳුරු කරමින් දැඩි දුමාරයක් පැතිර ගොස් තිබෙන අතර විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ ඒ හේතුවෙන් එම ප්‍රදේශයේ විශාල පිරිසක් අවතැන් වී ඇති බවයි.