DIGITAL EDITION | TELEVION

Wednesday, March 22, 2023

DIGITAL EDITION | TELEVION

Wednesday, March 22, 2023

ළමා අපයෝජනයක් සම්බන්ධයෙන් බණ්ඩාරවෙලදී පාසල් වෑන් රථ රියදුරෙකු අත්අඩංගුවට

[post-views]

ළමා අපයෝජනයක් සම්බන්ධයෙන් පාසල් වෑන් රථ රියදුරෙකු බණ්ඩාරවෙල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බණ්ඩාරවෙල වැවතැන්න ප්‍රදේශයේ පදිංචි මෙම පුද්ගලයා වසර දහයක් තිස්සේ එකම පවුලේ ගැහැණු දරුවන් දෙදෙනෙකු බරපතල ලෙස ලිංගික අපයෝජනයට ලක්කර ඇති බවයි පොලිසිය සිදුකල විමර්ශනවලදී අනාවරණය වී තිබෙන්නේ.

වයස අවුරුදු 41 පමණ වන මෙම පුද්ගලයා අපයෝජනයට ලක්වූ ළමුන්ගේ පියාගේ ඥාති පුත්‍රයෙක්.

අපයෝජනයට ලක්වූ දැරියන් දෙදෙනා වයස අවුරුදු 17 හා 14 පසුවනවා.

දැරියන් දෙදෙනා බණ්ඩාරවෙල පොලිසියට මේ පිලිබඳ පැමිණිලි කර ඇති අතර එහිදී සිදු කල වැඩිදුර පරීක්ෂණ වලදී අනාවරණ වී ඇත්තේ මෙම පුද්ගලයා එම ප්‍රදේශයේ තවත් දරුවන් අපයෝජනයට ලක්කර ඇති බවයි.

අත්අඩංගුවට ගත් සැකකරු බණ්ඩාරවෙල වැඩබලන මහේස්ත්‍රාත් හමුවට අද ඉදිරිපත් කිරීමට නියමිතයි.

බණ්ඩාරවෙල – විරාජ් ප්‍රනාන්දු

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest