රුපියල් කෝටි 18 ක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 04යි ග්‍රෑම් 527 ක ප්‍රමාණයක් තම ගමන් මල්ලේ සඟවාගෙන පැමිණි පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරින් විසින් .
ටියුනිසියානු ජාතික සැකකරු මෙරටට පැමිණ ඇත්තේ ජාත්‍යන්තර මුල්‍ය ආයතනයක ප්‍රධානියෙකු ලෙසයි.
සැකකරු ටියුනිසියාවේ සිට බ්‍රසීලයට පැමිණ එතැන් සිට කටාර් රාජ්‍යයේ දෝහා වෙත පැමිණ ඇති අතර එතැන් සිටයි කටුනායක ගුවන් තොටුපලට දක්වා පැමිණ ඇත්තේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකිරීමට රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරින් විසින් පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය වෙත බාර දී තිබෙනවා.