ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය ස්වාමින් වහන්සේලා 11නමකට කොවිඩ් ආසාදනය වී ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා පවසනවා.
ත්‍රිවිධ 24 අප කළ විමසීමකදී උපකුලපතිවරයා පැවසුවේ එම ශිෂ්‍ය ස්වාමින් වහන්සේලා ඇතුළු 31 දෙනෙකු විශ්වවිද්‍යාලය තුළම නිරෝධායන කිරීමට පියවර ගෙන ඇති බවයි.