DIGITAL EDITION | TELEVION

Wednesday, March 22, 2023

DIGITAL EDITION | TELEVION

Wednesday, March 22, 2023

60ට වැඩි පුද්ගලයින්ට අද සිට බුස්ටර් එන්නත

[post-views]

අවුරුදු 60ට වැඩි පුද්ගලයින් සදහා කොවිඩ් මර්දන එන්නතේ බුස්ටර් මාත්‍රාවක් ලබාදීම අද(17) සිට ක්‍රියාත්මක බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

ඕනෑම වර්ගයක එන්නත් මාත්‍රා දෙකකම ලබාගෙන ඇති පුද්ගලයින්ට අද සිට මෙම බුස්ටර් එන්නත ලබාගත හැකියි.

බුස්ටර් එන්නත ලෙස ලබාදෙන්නේ ඇමරිකාවේ නිෂ්පාදිත ෆයිසර් එන්නතයි.

මෙම බුස්ටර් එන්නත ලබාගැනීම සදහා අවුරුදු 60ට වැඩි වැඩිහිටි පුද්ගලයින් කලින් ලබාගත් එන්නත සම්පුර්ණ කර මස තුනක් ගත වී තිබීම අනිවාර්ය බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.

බුස්ටර් එන්නත ලබාදීමේ වැඩසටහන බස්නාහිර සහ දකුණු පළාතෙත් අනුරාධපුර සහ අම්පාර දිස්ත්‍රික්කවල අද දිනයේ සිට ක්‍රියාත්මකයි.

 

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest