DIGITAL EDITION | TELEVION

Wednesday, March 22, 2023

DIGITAL EDITION | TELEVION

Wednesday, March 22, 2023

LPL – Update

[post-views]

LPL තරඟාවලියේ තවත් තරඟ 2ක් ඊයේ පැවැත්වුණා

ඒ අනුව ඊයේ රාත්‍රියේ පැවති තරගයෙන් Kandy Warriors කණ්ඩායම පරදා ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ලකුණු 14ක ජයක් වාර්තා කිරීමට Jaffna Kings කණ්ඩායම සමත් වුණා.

තරගය වර්ෂාව හේතුවෙන් එක් ඉනිමකට පන්දුවාර 14 ක් දක්වා සීමා කිරීමට විනිසුරුවන් පියවර ගත්තා.

කාසියේ වාසිය දිනූ Kandy Warriors කණ්ඩායම පිල පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළ අතර Jaffna Kings පිළ කඩුලු 6ක් දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 181 ක්

අවිශ්ක ප්‍රනාන්දු පන්දු 23කින් ලකුණු 53ක් ලබා ගත්තා.

ඔහුගේ ඉනිමට හයේ පහර 7 ක් ඇතුළත් වීම විශේෂත්වයක්. තිසර පෙරේරා ලකුණු 55 යි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Kandy Warriors කණ්ඩායම කඩුලු 5ක් දැවී ලබා ගත්තේ ලකුණු 166ක් පමණයි.

මේ අතර ඊයේ සවස පැවැත්වූ තරගයෙන් ලකුණු 18ක ජයක් ලැබීමට Dambulla Giants කණ්ඩායම සමත් වුණා.

පළමුවෙන් පන්දුවට පහරදුන් Dambulla Giants කඩුලු 6ක් දැවී ලකුණු 195 රැස් කිරීමට සමත් වුණා.

Colombo Stars කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 177ක් පමණයි.

මේ අතර තරගාවලියේ තවත් තරග දෙකක් අද පැවැත්වීමට නියමිතයි.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest