ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අද පැවති පළමු තරගයෙන් කැන්ඩි වොරියර්ස් කන්ඩායම පරාජය කළ කලම්බු ස්ටාර්ස් කඩුලු 5ක ජයක් හිමිකරගැනීමට සමත්වුණා .
එහිදී ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් කැන්ඩි කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 146ක් රැස්කරගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කලම්බු කණ්ඩායමේ ආරම්භය අසාර්ථක වුවද අවසානයේ සීක්කුගේ ප්‍රසන්නගේ සුපිරි ප්‍රහාරය කොළඹ කණ්ඩායමට තරගයේ ජය රැගෙන එමින් පන්දු හයකදී ලකුණු 32 ක් රැස්කරගත්තා.
නායක ඇන්ජලෝ මැතිව්ස් කලම්බු කණ්ඩායමේ ලකුණු 29ක් රැස්කරගත්තේ හයේ පහර 2ක් සහ එක් හතරේ පහරක් සමගින්ය.
දිනේෂ් චන්දිමාල් ලකුණු 44ක් රැස්කරගත්තේ හතරේ පහර 4ක් සහ එක් හයේ පහරක් සමගින්ය.