අග්නිදිග ආසියානු කලාපයට අයත් රටවල තානාපතිවරු සහ මහ කොමසාරිස්වරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාව අද කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී හමුවුණා.
මෙහිදී ක්ෂේත්‍ර ගණනාවකින් අග්නිදිග ආසියානු කලාපයේ රටවලට මෙරටින් අපනයන කළ හැකි ද්‍රව්‍ය හා භාණ්ඩ පිළිබඳව ද දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් කෙරුණා.
මීට අමතරව වත්මන් ආර්ථික අර්බුදය විසඳා ගැනීමට අග්නිදිග ආසියානු කලාපයේ රටවලින් ශ්‍රී ලංකාවට ලබා දෙන සහායට ජනාධිපතිතුමා ස්තුති කරනු ලැබුවා.