සංචාරක නවසීලන්ත කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරඟයේදී ඉන්දීය කණ්ඩායමේ පළමු ඉණිමේ කඩුළු 10ම දවාගැනීමට නවසීලන්ත දඟ පන්දු යවන ක්රීඩක අජාස් පටෙල් සමත් වුණා.
ඒ අනුව ඔහු වාර්තා පොත් අතරට එක් වූයේ එවැනි දස්කමක් දැක් වූ ලොව තුන්වැනි ක්රීඩකයා ලෙසයි.
ඔහු ලකුණු 119ක් තුළ ඉන්දීය කණ්ඩායමේ පළමු ඉණිමේ කඩුළු 10ම දවා ගත්තා.
ඔහුට පෙර එවැනි දක්ෂතාවයක් දැක්වූ ක්රීඩකයින් දෙදෙනා වනුයේ එංගලන්ත ක්රීඩක ජිම් ලෙකර් සහ ඉන්දියානු ක්රීඩක අනිල් කුම්බ්ලේ යි.
මෙම දක්ෂතාවය දැක් වූ පන්දු යවන්නන් තිදෙනාම දඟ පන්දු යවන්නන් වීමද විශේෂත්වයක්.
අජාස් පටෙල්ගේ මෙම පන්දු යැවීම හමුවේ ඉන්දීය පළමු ඉණිම ලකුණු 325කට සීමා වුණා.