fbpx

DIGITAL EDITION | TELEVION

Saturday, December 3, 2022

DIGITAL EDITION | TELEVION

Saturday, December 3, 2022

අතුරුදන් වූ දරුවන් දෙදෙනෙකු සොයාගැනීමට පොලීසිය මහජන සහය පතයි (Photos)

කොටදෙණියාව පොලිස් වසමේ පදිංචිව සිටි වයස අවුරුදු 10 සහ 12 වයස් සීමාවල පසු වූ ඥාති සහෝදරයින් දෙදෙනෙකු පසුගිය නොවැම්බර් 23 වනදා සිට අතුරුදන් ව ඇති බවට කොටදෙණියාව පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා.

මෙතෙක් සිදු කළ විමර්ශනවලදී මෙම දරුවන් දෙදෙනා පිලිබඳ කිසිදු තොරතුරක් වාර්තා නොවූ බව පොලිසිය පවසනවා.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ අවුරුදු 10 වූ දිසානායක මුදියන්සේලාගේ කවීෂ සඳකැළුම් සහ වයස අවුරුදු 12 ක් වූ ජයසේකර මුදලිගේ අකිල දේදුණු නමැති පිරිමි දරුවන් දෙදෙනෙක්.

ඔවුන් පිළිබඳ යම් තොරතුරක් වෙතොත් පහත දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

කොටදෙණියාව පොලිස් ස්ථානාධිපති – 071 859 1634

පොලිස් ස්ථානය කොටදෙණියාව – 033 224 0050 / 033 227 2222

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest