fbpx

DIGITAL EDITION | TELEVION

Tuesday, September 27, 2022

DIGITAL EDITION | TELEVION

Tuesday, September 27, 2022

අද මියයෑමට සිටි ජුලියස් ජෝන්ස්ට අභයදානය

අද මරණයට නියම වී සිටි ඇමෙරිකානු ඉතිහාසයේ සුවිශේෂී සිරකරුවෙකු ලෙස හඳුන්වන ජුලියස් ජෝන්ස් ට මීට මද වෙලාවකට පෙර ජිවිත දානය ලැබුණා.

ඇමරිකානු අධිකරණයක් මීට පැය කිහිපයකට පෙර ඔහුට විෂ එන්නතක් ලබා දී මරණ දණ්ඩනයට යටත් කිරීමට නියෝග කර තිබු නමුත් ඇමෙරිකාවේ ඔක්ලහෝමා හි ආණ්ඩුකාර කෙවින් ෂ්ටිෆ් මැදිහත් වීමෙන් ඔහුගේ මරණය වැලක්වුණා.

ඒ මරණ දඩුවම ජීවිතාන්තය දක්වා සිර දඩුවමක් දක්වා වෙනස් කිරමට ඔක්ලහෝමා ආණ්ඩුකාරවරයා ගත් තීන්දුවත් සමගයි.

ජුලියස් ජෝන්ස් 1999 වසරේදී එඩ්මන්ඩ් හි ව්‍යාපාරිකයෙකු වූ පෝල් හෝවල්ගේ ඝාතනයට අධිකරණයේදී වරදකරු වුණා.

ඒ හෝවල්ගේ මෝටර් රථය පැහැර ගැනීමට තැත් කිරීමේදී ජෝන්ස් විසින් එල්ලා කළේ යැයි කියන වෙඩි පහරකින් හෝවල් ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියට.

නමුත් ජෝන්ස් සහ ඔහුගේ නීති සහයකයින් පවසන්නේ ජෝන්ස් එම ඝාතනයට කිසිදු ආකාරයකින් සම්බන්ධ නොමැති බවත් එම ඝාතනය සිදුවන අවස්ථාවේදී ඔහු සිය පවුලේ අය සමග ආහාර ගනිමින් සිටි බවත් ය.

කෙසේ වෙතත් මෙම සිද්ධියට ජෝන්ස් 2002 වසරේදී අත්අඩංගුවට ගැනුණු අතර ඒවන විට ජෝන්ස් ගේ වයස අවරුදු 19 ක්.

පොලිස් අත්අඩංගුවට පත්වනවිට ඔහු ඔක්ලහෝමා සරසවියේ සිසුවෙක් ව සිටියා.

ජනප්‍රිය ටෙලිවිෂන් නිලියක්වන කිම් කාර්ඩිසියන් සහ නීති සිසුන් ජුලියස් ජෝන්ස්ට අභය දානය ඉල්ලා විවිධ උද්ඝෝෂණ ව්‍යාපාරවලද පසුගිය කාලයේ නිරත වුණා.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest