අද (13) රාත්‍රියෙන් පසු ලේනොඩ් ධූම කේතුව දැක ගැනීමට හැකිවන බව මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසනවා.
කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයන අංශයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා සඳහන් කලේ එම ධූමකේතුව මේ දිනවල පියවි ඇසට දැකගැනීමට අවස්තාවක් නොවන අතර දෙනෙතියක් භාවිතයෙන් දැකගැනීමට හැකිවනු ඇති බවයි.
කෙසේ වෙතත් මේ මස 17 වනදායින් පසු පියවි ඇසට දැකගැනීමට හැකිවීමට ඉඩ ඇති බවද ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළා.
මෙම ධූමකේතුව මෙම වසරේ ජනවාරි මාසයේදී ග්‍රෙගරි ලේනොඩ් නම් පුද්ගලයා විසින් සොයාගෙන තිබෙනවා.
සුර්යාත් පෘථිවියත් අතර දුර මෙන් 35000 km දුරක සිට මෙය පැමිණෙන අතර පැයට කිලෝමීටර් 50-70 ත් අතර වේගයකින් ගමන් කරන බවයි ඒ මහතා වැඩි දුරටත් සඳහන් කලේ.
මෙම වසරේ දැකගැනීමට ලැබෙන හොඳම ධූමකේතුව මෙය බවත් මෙම මස 18 වනදා සූර්යයා බැසගිය පසු බටහිර අහසේ බ්‍රහස්පති සෙනසුරු සහ සිකුරු ග්‍රහලෝකවලට ඉතාම කිට්ටුවෙන් ලේනොඩ් ධුමකේතුව දැකගැනීමට හැකි වන බවත් ඒ මහතා සඳහන් කළා.