fbpx

DIGITAL EDITION | TELEVION

Wednesday, December 7, 2022

DIGITAL EDITION | TELEVION

Wednesday, December 7, 2022

අද සිට ගෑස් වලට අලුත් සීල් එකක්

අද (06) සිට වෙළඳපොලට ගෑස් නිකුත් කල යුත්තේ පාරිභෝගික අධිකාරිය මගින් ලබාදුන් නිර්ණායක වලට අනුව පමණක් බව පාරිභෝගික කටයුතු රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා.
අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

” අද සිට ඉදිරියේදී වෙළඳපොළට නිකුත් කරන ගෑස් සිලින්ඩර වල සීල් තබන මුද්‍රාවේ ස්ටිකරය ඇතුළත අකුරු වල වර්ණය වෙනස් කර ඇති බවත් නැව් වලින් ලබාගත් සාම්පල නියැදි ඛනිජ තෙල් සංස්ථාවේ රසායනාගාර මගින් පරික්ෂා කිරීමෙන් අනතුරුව ප්‍රමිතිය සහතික කර ඇති බැවින් එම ගෑස් වෙළඳ පොලට නිකුත් කිරීමට අවසර ලබා දුන්නා. පාරිභෝගික අධිකාරියේ එම නිර්ණායක වලට පිටින් කටයුතු කිරීමට කිසිම ආයතනයකට වත් නොහැකි බැවින් එම නිර්ණායක පිළිගැනීමෙන් අනතුරුව තමයි ඕනෑම ආයතනයකට වෙළඳ කටයුතු කිරීමට හැකියාව ලබා දෙන්නේ.
සිද්ධිය වුණු දින සිටම පැය 24 පුරාම පාරිභෝගිකයා වෙනුවෙන් කටයුතු කළ අතර ඉදිරියේදී ත් පාරිභෝගිකයාගේ පැත්තේ සිට ගන්නා අතර ඔවුන් වෙනුවෙන් කටයුතු කරන්නට අපි සූදානම්.
ඉදිරියේදී ගෑස් වල මිල සම්බන්ධයෙන් මේ වන තුරු කිසිම ඉල්ලීමක් කර නොමැති අතර හිඟය පිළිබඳ අපට මුකුත් කියන්න බැහැ. ගෑස් ආනයනය කරන සමාගම් තමයි අවශ්‍යතාවය මත කටයුතු කළ යුත්තේ ”

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest