fbpx

DIGITAL EDITION | TELEVION

Saturday, December 3, 2022

DIGITAL EDITION | TELEVION

Saturday, December 3, 2022

රටවල් 6කට ශ්‍රී ලංකාවට ඇතුළුවීම තහනම්

දකුණු අප්‍රිකාවෙන් හදුනාගෙන ඇති නව විකෘති කොවිඩ් ප්‍රභේදය ආසාදිත පුද්ගලයින් වාර්තා වී ඇති රටවල සිටින පුද්ගලයින්ට මෙරටට පැමිණීම අද(27) මධ්‍යම රාත්‍රියේ සිට තහනම් කිරීමට සෞඛ්‍ය අංශ තීරණය කර තිබෙනවා.

ඒ අනුව විදේශිකයින්ට මෙන්ම අදාල රටවල සිටින ශ්‍රී ලාංකික ගුවන් මගීන්ටද මෙරටට පැමිණීම අද මධ්‍යම රාත්‍රියේ සිට තහනම් කිරීමටයි පියවර ගෙන් ඇත්තේ.

දකුණු අප්‍රිකාව, බොට්ස්වානා, ලෙසතෝ, සිම්බාබ්වේ, ස්වාසිලන්තය, සහ නැම්බියා යන රටවල සිට පැමිණෙන ගුවන් මගීන්ට මෙම තහනම ක්‍රියාත්මක වන බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.

එම රටවල්වල සිට ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා පිටත්ව ඇත්නම් එලෙස පැමිණෙන පිරිස් නිරෝධායනයට යොමු කිරීමට ද සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.



VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest