අද සිට විදුලි කප්පාදුවක් සිදු නොවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා.
එහි මාධ්‍ය ප්‍රකාශක ඉංජීනේරු සුලක්ෂණ ජයවර්ධන මහතා අද පෙරවරුවේ පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී පැවසුවේ නොරොච්චෝලේ විදුලි බලාගාරයේ බිඳ වැටි තිබු එක් පද්ධතියක් ඊයේ රාත්‍රියේ යථාතත්වයට පත් කල බවයි.
එමගින් ජාතික විදුලිබල පද්ධතියට මෙගවොට්ස් 600 ක විදුලි ධාරිතාවක් එක් කල බව ඔහු වැඩිදුරටත් පැවසුවා.
නොරොච්චෝලේ විදුලි බලාගාරයේ බිඳ වැටි ඇති අනෙක් පද්ධතිය හෙට යථාතත්වයට පත් වනු ඇති බවටත් ජයවර්ධන මහතා විශ්වාසය පළකළා.
පසුගියදා ඇතිවූ විදුලි විසන්ධි වීමත් සමග නොරොච්චෝලේ විදුලි බලාගාරයේ පද්ධති දෙකක් බිඳ වැටීමට ලක්වුණා.