දිවයිනේ ඇතැම් ස්ථානවලට අද(09) දිනයේදී මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා.
එසේම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.
බස්නාහිර සහ වයඹ පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයේත් උදෑසන කාලයේ දී වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද(09) දිනට නිකුත් කල දිනයේ වැඩි දුරටත් සඳහන්.