දක්ෂිණ අධිවේගී මාර්ගයේ අතර මඟ බස් රථ නවතා අසුන් මාරුකළ රියදුරන් දෙදෙනාට රුපියල් විසිදහස බැගින් දඩ නියම කිරීමට මතුගම මහේස්ත්‍රාත් අද(26) නියෝග කළා.
ඔවුන්ට එරෙහි චෝදනා වුයේ අධිවේගී මාර්ගයේ බස් රථ ගාල් කිරීම හා අනාරක්ෂිත ලෙස මාර්ගය හරහා ගමන් කිරීමයි.
මෙසේ දඩ නියම වූයේ, අම්බලන්ගොඩ වතුගෙදර පදිංචි පෙත්තාවඩු නුවන් චන්ද්‍රසිරි සහ කඩවත පදිංචි සුදසිංහ විරාජ් සමීර යන දෙදෙනාටයි.
ඔවුන් ඉකුත් 22 දා උදෑසන අධිවේගී මාර්ගයේ දොඩංගොඩ දී බස්රථ දෙක නවතා මෙම වරද සිදුකර තිබුණා.