දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය වූ බස් රථ දෙකක් අතරමගදී නවතා රියැදුරන් මාරු වීමේ සිද්ධියට සම්බන්ධ එක් බස් රථයක රියදුරෙකු හඳුනාගත් බව අධිවේගී මාර්ග සංචාරක පොලිස් කොට්ඨාසය පවසනවා.
ඒ අනුව ඔහු පැදවූ SP – ND – 3996 දරණ බස් රථය අම්බලන්ගොඩ ප්රදේශයේ හිමිකරුවකුට අයත් බවට මෝටර් රථ කොමසාරිස් දෙපාර්තමේන්තුව හඳුනා ගත්තා.
අනතුරුව එහි රියැදුරු ට දක්ෂිණ අධිවේගී මාර්ග පොලිස් කොට්ඨාසයට වාර්තා කරන ලෙසට දැනුම් දී ඇති අතර
ඔහුගෙන් ලබාගන්නා තොරතුරුවලට අනුව අනෙක් රියදුරා හදුනා ගැනීමට නියමිත බව පොලිසිය පැවසුවා.
දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ අම්බලන්ගොඩ සිට කඩවත දක්වා සහ කඩවත සිට අම්බලන්ගොඩ දක්වා ධාවනය වූ බස් රථ දෙකක රියදුරුන් කළුතර ප්රදේශයේදී බස් රථ දෙක අතරමග නවතා රියදුරු අසුන් මාරු කරගෙන තිබුණේ ඉකුත් සඳුදා දිනයේ.
ත්රිවිධ24 මත්තේගොඩ ප්රාදේශීය වාර්තාකරු – ශාන්ත ප්රදීප් කුමාර කුලරත්න