මහජනතාව ඒකරාශී කරගෙන සිදුකරන ආගමික වැඩසටහන් සංවිධාකයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සභාපති උපුල් රෝහණ මහතා පවසනවා.
ඔහු වැඩිදුරටත් අදහස් දැක්වූ උපුල් රෝහණ මහතා සදහන් කළේ ඉදිරි සතිය තුළ දැඩි ලෙස කොවිඩ් -19 රෝගය පැතිරයාමේ අවදානමක් පවතින බවයි.
“තලවකැලේ ප්‍රදේශයේ පැවති පුජාවකට තමයි ජනතාව විශාල වශයෙන් එක්රොක් වෙලා තියෙන්නේ. අපිට වාර්තාවන විදියට මේ පුජාවට නීතිමය අවසරය අරගෙන නෑ. ඒ වගේම දැනට තියෙන මාර්ගෝපදේශ අනුව මෙවැනි පුජාවක් පැවැත්වීම සඳහා අවසර නෑ. මේ පුජාවට විශාල ජනතාවක් එක්රොක් වීම තුළින් සෞඛ්‍ය උපදෙස් කඩකිරීම සම්බන්ධව අපි දැඩිව ක්‍රියා කරන්න අවශ්‍ය කටයුතු කරමින් ඉන්නවා. මීට කලිනුත් අපි මේ ප්‍රදේශවල පූජකයින්ට සහ ආගමික මධ්‍යස්ථානවලට එරෙහිව නඩු පවරලා තියෙනවා. දැඩිලෙස අවවාද කරලා තියෙනවා. අපි මේ මොහොතේ කාරුණිකව ඉල්ලනවා සියලුම ආගමික නායකයින්ගෙන්, ඒ වගේම දේශපාලඥයින්ගෙන්, සමාජ ක්‍රියාකාරීන්ගෙන් අපි ඉන්නේ ඉදිරි සතිය තුළ දැඩි ලෙස කොවිඩ් -19 රෝගය පැතිර ගිහින් විශාල අවදානමකට රට වැටෙන තැනක. ඒක ගැන අවබෝධයෙන් තමන්ගේ කටයුතු කරන්න කියලා කාරුණිකව ඉල්ලා සිටිනවා.”