අනුරාධපුර නුවර වැව ජල පවිත්‍රාගාරයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද මධ්‍යම රාත්‍රී 12.00 සිට හෙට රාත්‍රී 8 දක්වා පැය 20ක කාලයක් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත් හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කරනවා.
එම මණ්ඩලය පවසන්නේ අනුරාධපුර පළමු පියවර, යාපනය හන්දිය , මාතලේ හන්දිය ,කුරුන්දන්කුලම , සාලියපුර , රඹෑව, ගල්කුලම, මිහින්තලේ ජල සම්පාදන ක්රමයේ සිට ඒ 9 මාර්ගය , මරදන්කුලම, දොරමඩලාව, සමෘද්ධි මාවත,උක්කුලන්කුලම,ජයන්ති හන්දිය, සන්ගිලිකුලම, රඹෑව වැව පාර, මහකනදාරව, බෝගහයාය, කඳුවටාපාර, රුවන්ගම, වැල්ලමොරොන , තරියන්කුලම, පලුගස්වැව , සට්ම්බිකුලම ,මිහින්තලේ නගරය, අම්බතලාගම, පොලිස්ගම්මානය, මහින්ද රාජපක්ෂ මාවත, වේලන්කුලම, ත්‍රිකුණාමල පාර, කිරින්දේගම සහ ඉසුරු උයන යන ප්‍රදේශ වලට ජල සැපයුම අත් හිටුවන බවයි.