2015 වර්ෂයේ දී විවාහ දිවියට එළැඹි ප්‍රකට නළු ජොනී ඩෙප් සහ ප්‍රකට නිළි අම්බර් හර්ඩ් මාස 16කට පසු දික්කසාද වූ අතර පසුව ඇය විසින් රචනා කරන ලද කෘතියක් තුළින් ජොනී ඩෙෆ් ඇයව ගෘහස්ත හිංසනයට ලක් කළ බවට චෝදනා කර තිබුණා.
මේ සම්බන්ධයෙන් වන නඩු විභාගය අදියර කිහිපයක් ඔස්සේ පැවැත්වුණු අතර එම නඩු විභාගය සුප්‍රකට නළු ජොනී ඩෙප් ජයග්‍රහණය කර තිබෙනවා.
මේ අනුව ජොනී ඩෙප් හට ඇමරිකානු ඩොලර් මිලියන 15ක වන්දියක් ගෙවන ලෙසටත් අධිකරණය ජොනී ඩෙප්ගේ හිටපු බිරිඳ වන ඈම්බර් හර්ඩ් හට නියෝග කර තිබෙන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙම නඩුව අමෙරිකාවේ වර්ජීනියා අධිකරණයේ දී විභාගයට ගැනුණා.