fbpx

DIGITAL EDITION | TELEVION

Saturday, December 3, 2022

DIGITAL EDITION | TELEVION

Saturday, December 3, 2022

අබුඩාබි ටී-10 ක්‍රිකට් ශුරතාව ඩෙකෑන් ගැලැඩියේටස් කණ්ඩායමට

අබුඩාබි ටී-10 ක්‍රිකට් තරගාවලියේ ශුරතාව හිමිකර ගැනීමට ඩෙකෑන් ගැලැඩියේටස් කණ්ඩායම ඊයේ(04) සමත්වුණා.

ඒ අවසන් තරගයෙන් දිල්ලි බුල්ස් කණ්ඩායම ලකුණු 56කින් පරාජය කරමින්.

තරගයේ කාසියේ වාසිය දිනු දිල්ලි බුල්ස් කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට ඩෙකෑන් ගැලැඩියේටස් කණ්ඩායම ආරාධනා කළා.

ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 10 තුලදී කිසිවෙකුත් නොදැවී ලකුණු 159ක් රැස්කිරීමට සමත්වුණා.

ලකුණු ලබාගැනීමේදී ඇන්‍ඩ්‍ර රසෙල් නොදැවී ලකුණු 90යි

ජයග්‍රහණය සදහා ලකුණු 160ක ඉලක්කයක් හඹායෑමට පිටියට පිවිසි දිල්ලි බුල්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 10 තුලදී කඩුලු 7ක් දැවී ලබාගැනීමට හැකි වුයේ ලකුණු 103ක් පමණයි.

පන්දු යැවීමේදී වනිදු හසරංග, ඩොයෙන් ස්මිත් සහ ටයිමෙල් මිල්ස් කඩුලු 2ක බැගින් බිඳ හෙලුවා.

තරගයේ වීරයා ඇන්‍ඩ්‍ර රසෙල්.

තරගාවලියේ වීරයා සම්මානය හිමිවුයේ වනිදු හසරංග හටයි.

මෙවර තරගාවලියේ වැඩිම කඩුලු ප්‍රමාණයක් දවාගත් ක්‍රීඩකයා බවට පත්වුයේ ද වනිදු හසරංගයි.

ඔහු මෙවර තරගාවලියේදී තරග 12කට සහභාගී වී දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 21ක්.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest