නැනෝ නයිට්රජන් දියර පොහොර ඉන්දියාවෙන් ආනයන කිරීමේදී තමන් හා නියෝජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ රුපියල් බිලියන ගණනක වංචා කල බවට නැගෙන චෝදනාවට එරෙහිව අද කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිල්ලක් ගොනු කර තිබෙනවා
නැනෝ නයිට්රජන් දියර පොහොර ගෙන්වීමේදී වංචාකර ඇති බවට තමන්ට චෝදනා එල්ල කරනු ලැබුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා බව අමාත්‍යවරයා පවසනවා.
චම්පික රණවක මහතාගේ චෝදනාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් සිදුකරන බව කෘෂිකර්ම අමාත්‍යවරයා ඊයේ (09) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා..
ඔහු පවසන්නේ ඉන්දියාවෙන් ආනයනය කරනු ලැබුවේ නැනෝ නයිට්රජන් බවත් මන්ත්‍රීවරයා චෝදනාව එල්ල කරන්නේ නැනෝ යූරියා මිල ගණන් පදනම් කරගෙන බවත්ය.