කොළඹ – කොටුව සහ තලංගම ප්‍රදේශවල පසුගිය මස 6 සහ 9 වනදා ඇතිවූ කළහකාරී සිද්ධිය සම්බන්ධයෙන් අරගලකරුවන් දස දෙනෙකු මරදාන පොලීසියට භාරවී තිබෙනවා.
ඒ අනුව ළහිරු වීරසේකර, ජගත් මනුවර්ණ, ධම්මික මුණසිංහ, පූජ්‍ය රත්කරව්වේ ජිනරතන හිමි, පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන්, එරංග ගුණසේකර, ජෙහාන් අප්පුහාමි ඇතුළු පිරිසක් මෙලෙස භාර වී තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගත් පිරිස අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය පොලිසියට නියෝග කරනු ලැබුවා.