fbpx

DIGITAL EDITION | TELEVION

Wednesday, October 5, 2022

DIGITAL EDITION | TELEVION

Wednesday, October 5, 2022

අවුරුදු 60ට වැඩි අයට හෙට සිට බුස්ටර් එන්නක්

අවුරුදු 60ට වැඩි පුද්ගලයින් සදහා බුස්ටර් එන්නතක් ලෙස ෆයිසර් එන්නත ලබාදීම හෙට සිට ආරම්භ කරන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා.

බස්නාහිර සහ දකුණු පළාත්වලත් , අනුරාධපුර සහ අම්පාර යන දිස්ත්‍රික්කවලත් හෙට සිට බුස්ටර් එන්නත ලබාදීම ආරම්භ කරන බව චන්න ජයසුමන මහතා පැවසුවේ.

කෙසේ නමුත් බුස්ටර් එන්නත ලබාගැනීම සදහා අවුරුදු 60ට වැඩි පුද්ගලයින් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන මාස තුනක් ඉක්මවා තිබිම අනිවාර්ය බවයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා වැඩිදුරටත් සදහන් කළේ.

මේ අතර ඊයේ දිනයේ පමණක් පුද්ගලයින් 21999 දෙනෙකුට කොවිඩ් මර්දන එන්නත ලබාදී ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය පැවසුවේ.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest