fbpx

DIGITAL EDITION | TELEVION

Tuesday, September 27, 2022

DIGITAL EDITION | TELEVION

Tuesday, September 27, 2022

අසාද් සාලි නිදොස් කොට නිදහස්

ආගමික කණ්ඩායම් අතර එදිරිවාදිකම් උත්සන්න කිරීමට ක්‍රියා කළේ යැයි චෝදනා ලැබ මාස 8 කට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි බස්නාහිර පළාතේ හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා අද එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කළා.

ඒ නඩුව අද කොළඹ මහාධිකරණයේ විභාගයට ගත් අවස්ථාවේදී.

කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා විසින් මෙම තීන්දුව ලබා දෙමින් පැවසුවේ විත්තිකරු විසින් ජාතීන් හෝ ආගම් වල සංහිඳියාව බිදී දමන අන්දමේ හා ජනතාව අතර ක්‍රෝධය වර්ධනය වන ආකාරයෙන් ප්‍රකාශ සිදු කර ඇති බවට ඔප්පු කිරීමට පැමිණිලිකරුවන් අසමත් වී ඇති බවයි.

ඒ අනුව විත්තිකරු නිදොස් කොට නිදහස් කරන බව විනිසුරුවරයා දැනුම් දුන්නා.

-අජිත් වික්‍රමසිංහ-

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest