ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන අළු බඳුන දෙවන ටෙස්ට් තරඟයේ එංගලන්ත සංචිතය සඳහා වේග පන්දු යවන ක්‍රීඩකයින්වන ජේම්ස් ඇන්ඩර්සන් සහ ස්ටුවට් බ්‍රෝඩ් කැඳවා තිබෙනවා.
අළු බඳුන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරඟය සඳහා ක්‍රීඩකයින් 12 දෙනෙකුගෙන් යුත් සංචිතයක් එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ඊයේ (15) ප්‍රකාශයට පත කර තිබුණා.
කෙසේ වෙතත් එම සංචිතයෙන් පළමු තරඟයට ක්‍රීඩා කළ වේගපන්දු යවන ක්‍රීඩක මක් වුඩ් ඉවත් කර තිබෙනවා.
අළු බඳුන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟය දිවා රාත්‍රි තරඟයක් ලෙස අද(16) ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 9.30ට ඕස්ට්‍රේලියාවේ ඇඩ්ලේඩ්හි දී ආරම්භ වීමට නියමිතයි.
මේවන විට ඔස්ට්‍රේලියාව තරඟාවලිය 1-0 ලෙස පෙරමුණ ගෙන තිබෙනවා.