පාස්කු ප්රහාරය සම්බන්ධයෙන් සිදුකල ප්රකාශයක් සම්බන්ධයෙන් ප්රකාශයක් ලබාදීම සදහා දෙවන දිනටත් ආචාර්ය සිරිල් ගාමිණි පියතුමා අද (16) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා.
ඊයේ(15) දිනයේත් පැය 8කට ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිරිල් ගාමිණි පියතුමන්ගෙන් ප්රකශ සටහන් කර ගත්තා.
ජාතික බුද්ධි සේවයේ අධ්යක්ෂ, මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා විසින් සිදුකළ පැමිණිල්ලකට අනුවයි සිරිල් ගාමිණි පියතුමන් මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇත්තේ.