fbpx

DIGITAL EDITION | TELEVION

Thursday, February 9, 2023

DIGITAL EDITION | TELEVION

Thursday, February 9, 2023

ආණ්ඩුවේ ගණනාවක් ඉවත් වෙන්න සුදානම් – පා.ම රාජිත සේනාරත්න

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ මේ ආණ්ඩුවේ විශාල ගණනාවක් ආණ්ඩුවෙන් ඉවත්ව තම පක්ෂය සමග එකතුවීමට සුදානමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසනවා.

ඔහු මේ අදහස් පළකළේ අද කළුතර බණ්ඩාරගම, රයිගම ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින්.

ඔහු පවසන්නේ ඉදිරියේදී තම පක්ෂය පුළුල් එක්සත් පෙරමුණක් සාදා ආණ්ඩු බලය ලබා ගන්නා බවයි.

ශ්‍රී ලංකාවේ ඉදිකළ ප්‍රථම වෛද්‍ය උපකරණ නිෂ්පාදනය කිරීමේ ආයතනය “flexicare” නමින් බණ්ඩාරගම, රයිගම ප්‍රදේශයේදී අද (17) පෙරවරුවේ විවෘත කෙරුණා.

ඒ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.

හිටපු සෞඛය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මෙන්ම වත්මන් සෞඛය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ද මේ අවස්ථාවට එක්ව සිටියා

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජිත සේනාරත්න මහතා

”දැන් මේ ආණ්ඩුවේ ඇතුළේ විශාල ගණනාවක් තමුන්නාසේලා ඒ ගණං කිව්වොත් පිළිගන්නේ එකක් නැහැ විශාල ගණනාවක් අද ආණ්ඩුවෙන් ඉවත්වෙන්න අපිත් එක්ක කතා කරලා තියෙන්නේ ,සමහර කට්ටිය ඉතා ඉක්මනින් ඉවත්වෙලා වෙනසක් කරන්න හදනවා.නමුත් අපි කියල තියෙන්නේ නෑ ඉක්මන් වෙන්න එපා අපිත් ලෑස්ති වෙන්න ඕනේ රජයක් කරන්න.පුළුල් එක්සත් පෙරමුණක් අපි හදනවා ආණ්ඩුව පෙරලනවා,පෙරළලා ඉතා ඉක්මන් දිනක ආණ්ඩුවක් හදනවා.උදේ නැගිටිනකොට ආන්න නිව්ස් වලට එයි ආණ්ඩුව පෙරළිලා කියල”

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest