fbpx

DIGITAL EDITION | TELEVION

Wednesday, October 5, 2022

DIGITAL EDITION | TELEVION

Wednesday, October 5, 2022

ආණ්ඩුවේ පිරිසක් අපි සමග එනවා – රංජිත් මද්දුමබණ්ඩාර

වත්මන් ආණ්ඩුව නියමිත වසර පහක පාලන කාලය අවසන් වීමට පෙර බිඳ වැටෙන බවත් ඉන් පසු පුළුල් සන්ධානයක් මගින් බලය ලබාගෙන ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවන බවත් සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසනවා.

ඉදිරියේදී ගොඩ නැගෙන පුළුල් සන්ධානය හා එකතු වීමට ආණ්ඩුවේ පිරිසක්ද සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා කර ඇති බවයි රංජිත් මද්දුමබණ්ඩාර මහතා කියා සිටියේ.

මහනුවර කුණ්ඩසාලේ ප්‍රදේශයේ ඊයේ (11) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා.

පාර්ලිමේන්තු බහුතරයෙන් ආණ්ඩුව පරාජයට පත්කළ හැකි බවත් ඊට අවශ්‍යය පසුබිම මේවන විට නිර්මාණය වෙමින් තිබෙන බවයි මන්ත්‍රීවරයා පවසන්නේ.

-කමල් සුරවීර –

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest