fbpx

DIGITAL EDITION | TELEVION

Monday, October 3, 2022

DIGITAL EDITION | TELEVION

Monday, October 3, 2022

ආණ්ඩුව වැරදි පාරක යනවා නම් එය නිවැරදි කළ යුතුය – රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක (Video)

මැතිවරණයට කලින්, ආණ්ඩුව හදන්න දීපු පොරොන්දු වෙනුවෙන් ආණ්ඩුව මෙහෙය වීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලාපොරොත්තුව බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසනවා.

ආණ්ඩුවෙන් ඉවත්වීමට කිසිදු බලාපොරොත්තුවක් නොමැති බවත් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නා.

රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අනුරාධපුර හොරොව්පතාන ආසන බල මණ්ඩලය රැස්වීමට එක්වෙමින්.

එහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා,

“ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ව ජනාධිපති කරන කොට අපි පොහොට්ටුවත් එක්ක සන්ධාන ගත වෙන කොට, අපි ගෝඨාභය මහත්තයා එක්ක හරි පොහොට්ටුව එක්ක හරි හොරෙන් ගිහින් අපි ඩීල් දැම්මේ නෑ, හොරෙන් ගිහින් අපි කථා බහ කරේ නෑ, අපි බොහෝම විවෘතව රටටම පේන්න, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විතරක් නෙමෙයි අපිත් එක්ක සන්ධාන ගත වෙලා ඉන්න පක්ෂ 14-15 ක් වගේ විශාල පක්ෂ සංඛ්‍යාවක් එක්ක මාධ්‍ය ඉදිරියේ අපි ගිවිසුම් ගත වුණේ,ඒ ිවුසුමේ තියෙන දේවල් අපි එළියට කිව්වා, ඒ ගිවිසුම් වල තියෙන්නේ ඇමතිකම් ගැන නෙමෙයි, වරදාන ගැන නෙමෙයි, ඒ ගිවිසුම් වල තියෙන්නේ රට හදන සුභවාදී වැඩ පිළිවෙල ගැන, ඒ වැඩපිළිවෙල සම්බන්ධවයි අපි ගෝඨාභය මහත්තයා එකක්යි, පොදු ජන පෙරමුණ එක්කයි එකතු වෙන්නේ.එහෙම නම් අපිට අයිතියක් නැද්ද සුභවාදී අරමුණක් වෙනුවෙන් එකතු වෙච්ච ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට, ආණ්ඩුව ඇතුලේ අඩුවක් වෙනවා නම් ආණ්ඩුව වැරදි පාරක යනවා නම් ආණ්ඩුව කරන දේ වැරදි නම් වැරදි දේට වැරදියි නොකියා කියන්න වෙන වචනයක් තියෙනවාද? යන පාර වැරදි නම් ඒ පාර වැරදියි කියනවා ඇරෙන්න වෙන වචනයක් තියෙනවාද කියන්න.අපි වැරදි පෙන්නලා දෙන කොට රිදෙනවා වෙන්න පුලුවන් ඒ අය ගැසට් ගහන කොට තේරෙන්නේ නැද්ද ඒ වුණේ වරදක් කියලා.වරදක් නොවුනා නම් ගැසට් එකක් අනික් පැත්ත ගහන්න වුවමනාවක් තියෙනවාද? එහෙම නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට අපි ආණ්ඩුවේ කොටස්කාරයෝ වුණාට අපි, මේ ආණ්ඩුවේ අඩුපාඩු ගැන කථා කරන්නේ ආණ්ඩුවත් එක්ක බොහෝම ආදරයෙන්, සමහරු හිතන්න පුලුවන් මේක ආණ්ඩුව විවේචනය කිරීමක්ද? මේ බැහැලා යන්නද කථා කරන්නේ,නෑ අපිට බැහැලා යන්න වුවමනාවක් නෑ,අපි හදාගත්ත ආණ්ඩුව, අපි හදාගත්ත ජනාධිපතිතුමා, ඇයි අපි දාලා යන්නේ? අපිට ඕනකම තියෙන්නේ හදපු ආණ්ඩුව, මැතිවරණයට කලින් දීපු පොරොන්දු ටික, ආණ්ඩු හදන්න කලින් දීපූ පොරොන්දු ටික, ආණ්ඩු හදන්න කලින් දුන්න පොරොන්දු ටික වෙනුවෙන් ආණ්ඩුව මෙහෙය වීම තමයි අපේ බලාපොරොත්තුව.අපි සමහර වෙලාවට ගොවියෝ ගැන කථා කරන කොට සමහරු කියනවා අපි ගොවියොත් එක්ක දේශපාලනය කරනවා කියලා,අපි ඉතාමත් පැහැදිලිව කියන්න ඕන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියලා කියන්නේ ගොවියෝ රකින පක්ෂයක් කියන එක අපි ඉතාමත් ආඩම්බරයෙන් කියනවා.අපිව මොන විදිහට හංවඩු ගහන්න හැදුවත් ඔව් අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොවියොත් එක්ක දේශපාලනය කරනවා.සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු කියන පංච මහා බලවේගය තමයි අපේ හයිය.ගොවියොන්ට අඩුපාඩුවක්, අසාධාරණයක් වෙන කොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපි ඒ වෙනුවෙන් පෙනී ඉන්නවා කියන එක අපි ආඩම්බරයෙන් කියනවා, අපි අතීතයෙත්, වර්ථමානයේත් කරනවා, අනාගතයේදීත් ගොවියාට අසාධාරණයක් වෙන තැන අපි හිටගන්නවා.හැබැයි අපි හිටගන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගොවියෝ වෙනුවෙන් විතරක් නෙමෙයි කියන එකත් අපි කියන්න ඕනකම තියෙනවා.අපි හිටගන්නේ මේ රටේ සමස්ථ ගොවි ජනතාව වෙනුවෙන් කියන එක ආඩම්බරයෙන් කියන්න ඕනකම තියෙනවා යැයි පැවසීය.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest