මෙරට ආර්ථිකයට දායකත්වය දක්වන සතුන් පිළිබඳ සංගණනයක් කොට සත්ව නිෂ්පාදන හා සෞඛ්‍යය ක්ෂේත්රයේ කේන්ද්‍රගත දත්ත පද්ධතියක් පවත්වා ගෙන යෑමට කටයුතු කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා උපදෙස් දී තිබෙනවා.
ඒ අනුව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍යය දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් හේමාලි කොතලාවල මහත්මිය ඇතුළු අදාළ නිලධාරීන්ට අද (29) අමාත්‍යවරයා අදාළ උපදෙස් ලබා දුන් බවයි කෘෂිකර්ම අමාත්‍යංශය නිවේදනය කළේ.