රටේ පවතින ආර්ථික අර්බුදය විසදීමට මේ මොහොතේ ගතහැකි එකම විසදුම ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහයෝගය ලබාගැනීම බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා.
ඊයේ (12)මහනුවර ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
එමෙන්ම වෙනත් සහෝදර රටවල් මෙරටට උදව්කරන තත්ත්වය ටිකක් අඩු වී ඇති බව පෙන්වා දුන් දයාසිරි ජයසේකර මහතා වැඩිදුරටත් කියා සිටියේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග සාකච්ඡා කර ඉදිරි කටයුතු සිදුකිරීම ඉතා යෝග්‍ය බවයි.