ජර්මනියේ දෛනික කොවිඩ් ආසදිතයින්ගේ සංඛ්‍යාව 40,000 සීමාව ඉක්මවා ගොස් ඇතිබව විදෙස් මාධ්‍ය පවසනවා.
මේ වන විට ජර්මනිය මුහුණ දෙමින් තිබෙන්නේ කොවිඩ් සිව්වන රැල්ලටයි.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ජර්මානු ප්‍රාන්ත රෝහල්වල දැඩි සත්කාර ඒකක ඇඳන් පිරී ගොස් ඇති බවයි.
ජර්මනිය තුල ශීඝ්‍රයෙන් පැතිර යන්නේ ඩෙල්ටා ප්‍රභේදය බවයි එරට සෞඛ්‍ය අංශ පවසන්නේ.
මේ අතර ලබන 25 වැනිදායින් පසු අවසන් වීමට නියමිත එරට හදිසි නීතිය තවත් දීර්ඝ කල යුතු බව එරට ප්‍රාන්ත ඇමතිවරු මධ්‍යම රජයෙන් ඉල්ලිම් කර ඇති බව විදෙස් මාධ්‍යවල සදහන්.