ජනාධිපතිවරයා විසින් වත්මන් අමාත්‍ය මණ්ඩලය පත් කර ඇති ආකාරය නීති විරෝධී යැයි තීන්දු කොට එහි ක්‍රියාකාරීත්වය අත්හිටුවීමේ තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් වුණා.
වෘත්තිකයින්ගේ ජාතික පෙරමුණේ ලේකම් ඉංජිනේරු කපිල රේණුක පෙරේරා මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කළා.
එමගින් සඳහන් කර ඇත්තේ ජනාධිපතිවරයා විසින් වත්මන් අමාත්‍ය මණ්ඩලය හා රාජ්‍ය අමාත්‍යවරු පත් කර තිබෙන ආකාරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි බවයි.
සීමාවන් ඉක්මවා කැබිනට් අමාත්‍යවරු දෙදෙනෙකු සහ රාජ්‍ය අමාත්‍යවරුන් 4 දෙනෙකු ජනාධිපතිවරයා විසින් පත්කර ඇති බවට පෙත්සම්කරු කරුණු දක්වනවා
ඒ අනුව ඉකුත් ජුනි මස 07 වන දායින් පසුව මෙරට අමාත්‍ය මණ්ඩලයේ ක්‍රියාකාරීත්වය මුළුමනින්ම ව්‍යවස්ථාවට පටහැණි බවයි ඔහු පෙන්වා දෙන්නේ.
එහි වගඋත්තරකරුවන් ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් නීතිපතිවරයා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින්, සියලුම රාජ්‍ය අමාත්‍යවරු, ජනාධිපති ලේකම්වරයා, මුදල් අමාත්‍යාංශ ලේකම් ඇතුළු 82 දෙනෙකු නම් කර තිබෙනවා.
මෙම නඩුකරය ජාතික වැදගත්කමක් සහිත නඩුවක් සේ සලකා එය විශේෂ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ සලකා බලන ලෙසයි පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටින්නේ
ත්‍රිවිධ 24 අධිකරණ වාර්තාකරු උදය කුමාර